November 14, 2025

ජාතික ජන බලවේගයේ සභාපතිත්වයෙන් ඉදිරිපත් කරන ලද දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම අද පරාජයට පත්විය.

අයවැය ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 13 දෙනාම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර, ජාතික ජන බලවේගයේ සාමාජිකයින් 12 දෙනා තම පක්ෂයේ යෝජනාවට සහාය දැක්වූහ.