
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුදුදහමේ පැවැත්මට උද්ගත වී ඇති ගැටලු සහ ශාසන විරෝධී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ශාසන විමර්ශන මහාසභාවේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා පිරිසක් මහනුවරට වැඩම කලහ.
ඒ අනුව මල්වතු විහාරයට වැඩම කළ එම භික්ෂූන් වහන්සේලා කරුණු 12 කින් යුතු සන්දේශයක් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් වෙත පිළිගැන්වූහ.
එහිදී මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් පැවසුවේ උන්වහන්සේ මහනායක පදවියට පත්වූ මුල් කාලයේ සිටම එම පාර්ශවයේ ස්වාමීන් වහන්සේලා 15 දෙනකු ගෙන්වා කථිකාවත් ගෙන ඒමට උත්සහ කළ නමුත් ඒවා සම්මත කර ගැනීමට කිසිදු පාලනයකින් සහාය හිමි නොවුණු බවයි. එමෙන්ම ඇතැම් සංඝයා වහන්සේලා ද ඒ සඳහා විරුද්ධ වූ බව ද උන්වහන්සේ පැවසූහ.
තවත් වසර 25 ක කාලයක් ගත වන විට අනුරාධපුරයේ සංඝරාජ හිමියන්ගේ කාලයේ සිටි ගණින්නාන්සේලා සිටින කාලයක් උදාවන බව තමන් වහන්සේ අටමස්ථානයේදී පැවසූ බව ද මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් පැවසූහ.
එමෙන්ම උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේ වරෙන්තුකරුවන් පවා ශාසනයට ඇතුළත් වී ඇති බවත්, භාවනා කිරීමට බව පවසමින් වනාන්තරවලට ඇතුළු වී සිටින සිරුරේ පච්චාකොටා ගත් පුද්ගලයින් පවා සිටින බවත්ය.
එවැනි තත්වයන් වළක්වාලීම සඳහා හැඳුනුම්පත් ලබාගැනීමට උත්සහ කළ නමුත් ඒ සඳහා ද බාධා එල්ල වූ බව උන්වහන්සේ පෙන්වාදුන්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart