
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක ගැටී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පෙරේදා(15) රාත්රියේ සිදම්බරපුරම් මාර්ගයේ බීමත් රියදුරන් පරික්ෂා කිරීම සඳහා මාර්ග බාධක රජකාරියේ යෙදී සිටින නිලධාරීන් විසින් යතුරුපැදියක් නැවැත්වීමට අණකර ඇත.
අණ නොතකා ධාවනය වූ එම යතුරුපැදිය පැදිකරුගේ පාලනයෙන් ගිලිහී පෙරළී යෑමෙන් අනතුරුව පොලිස් සැරයන්වරයාගේ සිරුරේ ගැටී තිබෙන බව පොලීසිය පවසයි.
යතුරුපැදිකරු 19 හැවිරිදි වැනි වියේ පසුවන අතර, පසුපැදිකරු 20 හැවිරිදි වියේ පසුවෙති.
ඔවුන් ද තුවාල ලබා වව්නියාව මූලික රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart