
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භූතාන සංචාරය අදින් ආරම්භ විය.
ඒ අනුව භූතානයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට රජු වන ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චක් සමග ද්විපාර්ශවික සාකච්ඡා වටයකට එළඹි බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එහිදී නායකයින් දෙපළ බලශක්තිය, ධාරිතා වර්ධනය, සම්බන්ධතාවය, තාක්ෂණය, ආරක්ෂක සහ ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ පුළුල් ලෙස සකච්ඡා කලහ.
නියෝජිත මට්ටමේ සාකච්ඡාවලින් පසුව, නායකයන් දෙදෙනා එක්ව ඉන්දියාව සහ භූතානය එක්ව සංවර්ධනය කරන ලද Punatsangchhu-II ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කළ බව ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ භූතානයේ සංවර්ධන ගමනේ ප්‍රධාන හවුල්කරුවෙකු වීම ගැන ඉන්දියාව ආඩම්බර වන බවයි.
ඉන්දියාව සහ භූතානය අතර සබඳතා ඉහළ යමින් පවතින අතර සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව, භූතානය සමඟ රුපියල් කෝටි 4,000 කට අධික වියදමින් දේශසීමා දුම්රිය සම්බන්ධතා දෙකක් ඉදිකිරීමේ සැලැස්ම එළිදැක්වූ අතර, දෙරට අතර එළඹි පළමු දුම්රිය සම්බන්ධතා ව්‍යාපෘතිය මෙය විය.
මෙම ව්‍යාපෘතිය යටතේ, භූතාන නගර වන ගෙලෙෆු සහ සම්ට්සේ සහ ඇසෑම් හි කොක්රාජාර් සහ බටහිර බෙංගාලයේ බනාර්හත් අතර නව දුම්රිය සම්බන්ධතා ස්ථාපිත කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart