
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසරේ මුල් මාස 06ක කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කර ඇති සමස්ත බදු අදායම රුපියල් බිලියන 696ක් බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
එය පසුගිය වසරේ මුල් මාස 06 හා සැසඳීමේදී සියයට 93ක වැඩිවීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි සඳහන් කරයි.
ඒ අනුව, මෙම වසරේ මාස 06ක කාලසීමාව තුළ සමාගම් සහ සමාගම් නොවන අදායම් බදු බිලියන 243ක් ද, එකතු කළ අගය මත බද්ද බිලියන 230ක් ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බිලියන 79ක් සහ පුද්ගල අත්තිකාරම් බද්ද බිලියන 70ක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.
බදු ප්‍රතිපත්තියේ සිදු වූ තීරණාත්මක වෙනස්වීම්, රටේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම සහ බදු පරිපාලනය විසින් ගනු ලැබූ පියවරයන්හි කාර්යක්ෂමතාවය මෙම වර්ධනයට හේතු වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පහතින් දැක්වෙන්නේ දෙපාර්තමේන්තුව එලෙස රැස්කර ඇති බදු පිළිබඳ විස්තරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart