
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වනාතවිල්ලුව, වට්ටක්කන්දල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කිරීමේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම වනජීවී නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුමකදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
වනාතවිල්ලුව, වට්ටක්කන්දල් ප්‍රදේශයේ කඩොලාන විනාශයක් සිදුවන බවට පුත්තලම වනජීවී නිලධාරීන්ට දින කිහිපයකට පෙර තොරතුරු ලැබී තිබේ.
එම තොරතුරු මත පදනම්ව, අද (10) දහවල් කල්පිටියේ සිට ධීවර බෝට්ටු භාවිත කරමින් ක්‍රියාත්මක වන එක් කණ්ඩායමක් සහ ගොඩබිම් මාර්ගයෙන් ළඟාවන කණ්ඩායමක් සමඟ වනජීවී නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇත.
වැටළීම අතරතුර, කඩොලාන කපාදමමින් සිටි සැකකරුවන් පළායෑමට උත්සාහ කර ඇත. එහිදී නිලධාරීන් අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමෙන් පසු ඔවුන්ගෙන් එක් අයකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ, මෙම ක්‍රියාවට සම්බන්ධ තවත් පුද්ගලයන් හයදෙනකු පළාගොස් ඇති බවයි.
ඉතිරි සැකකරුවන් සොයා මේ වන විට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා වනාතවිල්ලුව පොලිසියට භාරදීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart