
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශයන්හි ක්‍රියාත්මක වන වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවි සහ ජංගම යෙදුම් කිහිපයක් මූල්‍යමය දිරිගැන්වීම් ලබා දෙන බැවින්, ශ්‍රී ලාංකිකයන් වැඩි වැඩියෙන් මාර්ගගත ලිංගික අන්තර්ගත නිෂ්පාදනයට යොමු වන බව වාර්තා වී ඇතැයි පොලිසිය ඊයේ පැවසීය.
විශේෂයෙන් තරුණ ජෝඩු, ඔවුන්ගේ අනන්‍යතාවන් සැඟවී පවතිනු ඇති බවට සහ එවැනි ක්‍රියාකාරකම් නිවසේ සිට රහසිගතව සිදු කළ හැකි බවට ඇති විශ්වාසය නිසා මේ සඳහා ආකර්ෂණය වී ඇති බව වාර්තා විය.
කෙසේවෙතත්, අන්තර්ජාලය හරහා ලිංගික අන්තර්ගතයන් ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීම ශ්‍රී ලංකාවේ නීති විරෝධී බවත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට නඩු පැවරිය හැකි බවත් පොලිසිය අනතුරු ඇඟවීය.
ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඇතැම් වෙබ් අඩවි විදේශහි සිට ක්‍රියාත්මක වුවද, ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සහ පහසුකම් සැපයීම අපරාධ වැරදි යටතට වැටෙන බවයි.
මෙම වර්ධනය වන ප්‍රවණතාව පෙන්නුම් කරන මෑත නඩුවකදී, එංගලන්තය පදනම් වූ ගෙවන වැඩිහිටි වෙබ් අඩවියකට තමන්ගේ අසභ්‍ය වීඩියෝ රූගත කර උඩුගත කිරීම සම්බන්ධයෙන් විවාහක යුවළක් නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පරීක්ෂණවලින් හෙළි වූයේ සැමියා පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු බවත්, බිරිඳ වෙනත් පෞද්ගලික ආයතනයක මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති බවත්ය.
දෙදෙනාටම රැකියා අහිමි වී මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ පසු මෙම යුවළ වැඩිහිටි අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීමට යොමු වී ඇති බව වාර්තා වේ.
රාජගිරියේ තෙමහල් නිවසක දී සිකුරාදා (08) අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද අතර, එම යුවළ ඉහළ මහලේ ජීවත් වූහ.
නිවස කාන්තාවට දෑවැද්දක් ලෙස ලබා දී ඇති අතර, ඇගේ ඥාතීන් පහළ මහල්වල වාසය කළහ.
ලිංගිකව හැසිරෙන අසභ්‍ය වීඩියෝවල දැක්වෙන නිදන කාමරය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය සහ ගෘහ භාණ්ඩ නිවසේ තුන්වැනි මහලේ අභ්‍යන්තරයට ගැළපෙන බව පොලිස් නිලධාරීන් සොයා ගෙන තිබේ.
රූගත් කිරීම සඳහා භාවිත කරන ලද ජංගම දුරකථනයක් සහ වීඩියෝ සංස්කරණය කිරීමට සහ උඩුගත කිරීමට භාවිත කරන ලැප්ටොප් පරිගණකයක් ද අත්අඩංගුවට ගන්නා ලදී.
පොලිසියට අනුව, මෙම යුවළ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විදේශීය වෙබ් අඩවිය සමඟ ගිවිසුමකට එළඹුණු අතර, ඒ යටතේ ඔවුන් මසකට වීඩියෝ අටක් ලබා දිය යුතු විය.
ඔවුන් මුළු වීඩියෝ 334ක් උඩුගත කර ඇති අතර මාසිකව රු. 150,000 ත් 200,000ත් අතර මුදලක් ලබාගෙන තිබේ.
ඊට අමතව නැරඹුම් ගණන අනුව අමතර ආදායමක් ලැබේ.
මෙම වසරේ අගෝස්තු මාසය වන තෙක් ශ්‍රී ලංකාව තුළ එම වෙබ් අඩවියට ප්‍රවේශ විය නොහැකි බැවින් ඔවුන්ගේ අනන්‍යතාවන් හෙළි නොවනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බව යුවළ විමර්ශකයන්ට පවසා තිබේ.
මෙම යුවළට දරුවන් නොමැති බව පොලිසිය තහවුරු කළේය.
වෙබ් අඩවි සහ ඩිජිටල් වේදිකා හරහා ගණිකා වෘත්තිය හෝ ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වරදක් බව පොලිසිය පැවසීය.
එවැනි අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම, උඩුගත කිරීම, කළමනාකරණය කිරීම හෝ බෙදා හැරීම සම්බන්ධ පුද්ගලයන්ට චෝදනා එල්ල කළ හැකිය.
ශ්‍රී ලංකාවේ අයාල ආඥා පනත සහ ගණිකා නිවාස ආඥා පනත යටතේ ගණිකා වෘත්තිය සහ ඒ ආශ්රිත ක්‍රියාවන් නීති විරෝධී ය.
එවැනි ක්‍රියාකාරකම්වල නියැලෙන හෝ පහසුකම් සපයන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යටත් වේ.
සැකකරුවන් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart