November 10, 2025

වස­රක පමණ කාල­යක් තිස්සේ අතු­රු­දන්ව සිටි පුද්ග­ල­යකු සම්බ­න්ධ‍යෙන් විම­ර්ශන පැවැත්වූ ගම්පහ කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසින් එම පුද්ග­ල­යාගේ සිරුර ගම්පහ, වතු­රු­ගම, ඉඳු­රු­ගල්ල ප්‍රදේ­ශයේ ගෙව­ත්තක වැසි­කිළි වළ­කින් පෙරේදා (08) ගොඩ­ගනු ලැබීය.

මත්පැන් සාද­ය­කදී ඇතිවූ බහි­න්බ­ස්වී­මක් දුර­දිග ගොස් ඔහු සමඟ එකට මත්පැන් පානය කළ පුද්ග­ල­යන් ඔහුට පහ­රදී මරා වැසි­කිළි වළට දමා ඇතැයි පොලී­සිය පව­සයි. මේ ඝාත­න­යට සම්බන්ධ පුද්ග­ල­යන් 03 දෙනෙක් ද පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සිරුර වැසි­කිළි වළට දමා ඇති බව හෙළි කර ඇත්තේ සැක­ක­රු­ව­න්ගෙන් කළ ප්‍රශ්න කිරී­මේ­දීය.

මෙසේ ඝාත­නය වී ඇත්තේ ඉඳු­රු­ගල්ල, අංක 115/1ලිපි­නයේ පදිංචි පැණි­හෙළ පදිං­චිව සිටි පති­ර­න්නැ­හැ­ලාගේ සුනිල් නමැති 61 හැවි­රිදි දෙදරු පියෙකි. ඔහුගේ සිරුරේ අස්ථි කොටස් ගැලවී දියවී යෑමේ තත්ත්ව­ය­කට පත්ව තිබුණි.

සිරුර ගොඩ­ගනු ලැබුවේ පූගොඩ වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් අනුර සුම­න­සේන මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් වතු­පි­ටි­වල රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය රාජ­පක්ෂ මහතා‍ගේ සහ­භා­ගි­ත්ව­යෙනි.

වැසි­කිළි වළේ කොන්ක්‍රීට් ලෑලි දමා තිබී ඇත. එහි පැත්ත­කින් සිදු­රක් හාරා මිය­ගිය තැනැ­ත්තාගේ සිරුර එම සිදු­රෙන් වැසි­කිළි වළට දමා. ඉන්පසු තහඩු හා සිමෙන්ති ගල් දමා වසා දමා තිබෙනු දක්නට තිබිණ. මෙහි කොන්ක්‍රීට් ලෑලි ඉවත් කර එහි තිබූ ජලය දොම්පේ ප්‍රාදේ­ශීය සභාවේ ගලි බවු­ස­ර­යක් මඟින් ඉවත් කර සිරුරේ කොටස් සහ අනෙ­කුත් ද්‍රව්‍ය ඉව­තට ගනු ලැබිණ.

2024 වසරේ නොවැ­ම්බර් 18 වැනි දින සිට ඔහු ආගිය අතක් නැති බවට පවුලේ ඥාතීන් කිරි­ඳි­වැල පොලී­සි­යට පැමි­ණිලි කර තිබී ඇත. ඒ වන විට යකඩ සොර­ක­මක් සම්බ­න්ධ‍‍යෙන් පොලී­සිය ඔහු සොය­මින් සිටි බැවින් ඔහුගේ ඝාත­ක­යන් ගම පුරා ප්‍රචා­රය කර තිබී ඇත්තේ පොලී­සි­යෙන් බේරී­මට ඔහු සැඟව සිටින බවය. මේ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පවත්වා සැක­ක­රු­වන් තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව හෙළිවූ තොර­තුරු මත මළ­සි­රුර සඟවා ඇති ස්ථානය ගැන තොර­තුරු හෙළිවී ඇත. මෙලෙස ඝාත­නය කර තිබූ සුනිල් නමැත්තා කලක් කොළඹ වරායේ සේවය කර ඉන් ඉවත් වී ඇත. ඔහු තම මව සමඟ ඉඳු­රු­ගල්ල මහ­ගෙ­දර පදිං­චිව සිට ඇති බව ද පොලී­සිය පව­සයි. කොරෝනා සම­යේදී මව මිය­යෑම නිසා පසුව තනි­යම නි‍ෙවසේ සිටි ඔහු වතු­රු­ගම ප්‍රදේ­ශයේ ගල් වැඩ­පො­ළක සේව­යට ගොස් තිබේ. ඔහුගේ බිරිය හා දරු­වන් දෙදෙනා කලක සිට ගාල්ලේ බිරි­යගේ මහ­ගෙ­දර පදිං­චිව සිටින බව සඳ­හන්ය.

මිය­ගිය සුනිල් කාල­යක සිට අස­ල්වැ­සි­යන් ලෙස ප්‍රධාන සැක­කරු හා ඔහුගේ සහෝ­ද­රයා ද තවත් මිතු­රන් ද ඇසුරු කර­මින් මත්පැන් පානය කිරී­මට පුරුදු වී සිට ඇත. තම ත්‍රීරෝද රථය පවා උගස් කර රුපි­යල් ලක්ෂ දෙකක මුද­ලක් ප්‍රධාන සැක­ක­රුට ලබා දී ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත.

2024 වසරේ නොවැ­ම්බර් 18 වැනි දින හෝ ඊට ආසන්න දින­ය­කදී මේ ඝාත­නය සිදුව තිබේ. සිද්ධිය වූ දින ප්‍රධාන සැක­ක­රුගේ නි‍ෙවසේ මත්පැන් පානය කර­මින් සිටින අත­ර­තු­රදී මෙලෙස පහ­රදී ඝාත­නය කර ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත.

අන­තු­රුව සැක­ක­රු­වන් නිවා­ස­වල නොසිට, පිට ප්‍රදේ­ශ­වල පදිං­චිව සිට විටින් විට වතු­රු­ග­මට පැමිණ ගොස් ති‍බේ. මැදි­රි­ගි­රිය ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ප්‍රධාන සැක­කරු පසු­ගිය දිනක ගම්ප­හට පැමිණ සිටි­යදී මිය­ගිය අයගේ ඥාති පුත­කුට පවසා ඇත්තේ සුනිල් මේ වන විට පොළොවේ අඩි පහක් හයක් යටින් සිටින්න හැකි බවය. මේ ගැන ගමේ පිරිස් අතර කතා­බ­හක් ඇති­වන විට කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එස්.කේ. ජය­කොඩි මහ­තාට ඒ බව සිය පෞද්ග­ලික තොර­තු­රු­ක­රු­ව­කු­ගෙන් දැන­ග­න්නට ලැබී ඇත.

වස­රක පමණ කාල­යක් අබි­ර­හ­සක්ව පැවති සුනිල්ගේ අතු­රු­ද­න්වීමේ සිද්ධිය අනා­ව­ර­ණය වන්නේ ඒ අනු­වය. පොලිස් නිල­ධා­රීන් මෙහිදී ගමට ගොස් යකඩ සොර­ක­මට සුනිල් සොයන ආකා­ර­යට තොර­තුරු විමසා බලා සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­ක­රු­වන් අතර එකම පවුලේ සහෝ­ද­ර­යන් දෙදෙ­නකු ද අස­ල්වා­සි­යකු සිටින බව පොලී­සිය කියයි. සිද්ධිය වන අව­ස්ථා­වේදී එම ස්ථානයේ සිටි තවත් අයකු මේ වන විට විදේ­ශ­ග­තව ඇති බව ද වාර්තා වේ.

ගම්පහ අප­රාධ කොට්ඨා­සය මඟින් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් පූගොඩ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව පූගොඩ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් හංස­දේව සම­ර­දේ­වා­කර මහතා විසින් ඔවුන් දින දෙකක් රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර ලබා දෙන ලදී.

සිරුර ගොඩ­ගැ­නීමේ අව­ස්ථා­වට පැමිණ සිටි මිය­ගිය අයගේ බිරිය වන තමරා මහ­ත්මිය මෙසේ පැව­සු­වාය.

“සිද්ධිය වන විට මම දරු­වන් දෙදෙනා සමඟ ගාල්ලේ මගේ මහ­ගෙ­දර පදිං­චිව සිටියා. මහ­ත්තයා ඉඳු­රු­ගල් මහ­ගෙ­දර අම්මත් එක්ක හිටියා. අම්මා කොරෝනා දින­ව­ලදී මිය­ගියා. පසුව මහ­ත්තයා තනි­යම තමයි ඒ නි‍ෙවසේ හිටියේ. වරායේ වැඩ කර අයින් වෙලා හිටියේ. ඔහුට ත්‍රිරෝද රථ­යක් ද තිබුණා. පසුව වතු­රු­ගම ප්‍රදේ­ශයේ ගල් වැඩ­පො­ළ­කට ද ගිය බව ආරංචි වුණා. සිද්ධිය වූ නොවැ­ම්බර් 18 වැනිදා රාත්‍රියේ වැඩට ගිහින් අක්ක­ලාගේ ගෙද­රින් කෑම එක අර­ගෙන ආවා කියා මම දුර­ක­තන ඇම­තු­මක් ගත් විට මහ­ත්තයා කීවා. මෙහෙ හොඳ­ටම වහි­නවා උදේ පහ­මා­රට වැඩට යන්න තියෙ­නවා කිය­ලත් කිව්වා. 19 වැනිදා පාන්දර ඇම­තු­මක් ගත්තත් මහ­ත්තයා කතා කළේ නැහැ. පසුව මම අස­ල්වැ­සි­ය­කුට කතා කර ඇහුවා මහ­ත්තයා ඉන්නව ද කියලා. එත­කොට ඒ අය කිව්වා නි‍ෙව­සට ඉබ්බා දාලා තිබෙ­නවා කියලා. පස්සේ රදා­වානේ ගෙද­ර­ටත් කතා කර කිව්වා සුනිල් කතා කළේ නැහැ. කියලා. පසුව දැන­ගත්තා වැඩට ආවේ නැහැ කියලා. විසි­වැ­නිදා උපාලි අයියා වැඩ­පො­ළට ගියා බලන්න ඒත් මහ­ත්තයා වැඩට ගිහින් තිබුණේ නෑ. වැඩ­පොළේ යකඩ වග­යක් නැති­වෙලා ඒකට බයේ හැංගිලා ඇති කියලා අපි හිතුවා. දින කිහි­ප­යක්ම මහ­ත්තයා ගැන තොර­තු­රක් ලැබුණේ නැහැ. පසුව කිරි­ඳි­වැල පොලී­සි­යට ගිහින් පැමි­ණි­ල්ලක් කර තිබුණා, සුනිල්ගේ අක්කගෙ දුවගේ මහ­ත්තයා.

දිනක් සිද්ධියේ ප්‍රධාන සැක­කරු ශිරාන් අසා තිබුණා ඥාති පුත්‍ර­යකු එක්ක සුනිල් ගැන තොර­තු­රක් නැද්ද කියලා. එත­කොට ඔහු කියලා තියෙ­නවා සුනිල් මේ වෙන­විට අඩි පහක් හයක් පස් යට තමයි ඉන්නේ කියලා යැයි ද ඇය හැඬූ කඳු­ළින් කීවාය.(දිනමිණ)