
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පරීක්ෂා කිරීම සඳහා මිද්දෙණිය ප්‍රදේශයෙන් ලැබුණු ද්‍රව්‍යවල මෙතම්ෆෙටමින් හෙවත් ‘අයිස්’ මත්ද්‍රව්‍යවල අවශේෂ පමණක් අඩංගු වූ බවත් ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වෙනත් තැනක සිදු කරන බවටත් එම දෙපාර්තමේන්තුව සැක පළකරයි.
රජයේ රස පරීක්ෂක සන්ධ්‍යා කුමුදිනි රාජපක්ෂ පවසන්නේ අදාළ සාම්පලවල අයිස් මත්ද්‍රව්‍ය අඩංගු වී තිබුණේ ඉතා සුළු ප්‍රමාණවලින් බවයි.
“අපි සාම්පල 20ක් පරීක්ෂා කළා, ඉන් 17කින් අපි මෙතම්ෆෙටමින් (ICE) සොයා ගත්තා, නමුත් ඉතා කුඩා හා මැනිය නොහැකි ප්‍රමාණවලින්. ඒත් අපට සම්පූර්ණ ද්‍රව්‍ය ප්‍රමාණය මැනිය හැකි නම්, එතන සැළකිව යුතු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. වැදගත් දෙය නම්, එය සාමාන්‍ය රසායනික ද්‍රව්‍යයක් නෙවෙයි, ඒ ‘අයිස්’,” ඇය පැවසුවාය.
කදාන සහ මිද්දෙණිය යන ප්‍රදේශවල ස්ථාන දෙකකින් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් මෙලෙස පරීක්ෂණවලට භාජනය කර තිබිණි.
කඳානෙන් ලබාගත් සාම්පලවල මෙතම්ෆෙටමින් හෝ වෙනත් මත්ද්‍රව්‍ය ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය අඩංගු නොවූවත්, මිද්දෙණියෙන් ලබාගත් සාම්පලවල අවසාන නිෂ්පාදනයේ අයිස් ඉතා සුළු ප්‍රමාණයකින් දක්නට ලැබුණු බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
“කඳානෙන් අපට ලැබුණු සාම්පලවල කිසිවක් තිබුණේ නැහැ, මිද්දෙණිය සාම්පලයේ මෙතම්ෆෙටමින් අවශේෂ පමණක් අඩංගු වුණා. මේවා වෙනත් තැනක නිෂ්පාදනය කිරීමෙන් පසු ඉතිරි වූ අංශු බවට අපි සැක කරනවා.” යැයි රජයේ රස පරීක්ෂක සන්ධ්‍යා කුමුදිනි රාජපක්ෂ සඳහන් කළාය.
සිය රසායනාගාරය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය (UNODC) විසින් අනුමත කර ඇති අතර නිසි යන්ත්‍ර සහ විශේෂඥතාවයෙන් සමන්විත බව ඇය තවදුරටත් පැවසුවාය.
ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න පවසා ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් ද්‍රව්‍යය මත්ද්‍රව්‍යයක් බවත් එය රසායනික ද්‍රව්‍යයක් නොවන බවත් ඔවුන්ගේ රසායනාගාරය තීරණය කළ බවයි.
සොයාගත් ප්‍රමාණය ඉතා කුඩා වූ අතර පරීක්ෂණය නිශ්චිත ප්‍රමාණයක් මැනීමට වඩා අයිස් තිබීම හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart