November 7, 2025

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථානුකූලව විවිධ ප්‍රකාශ සිදු කළ ද රජයක් ලෙසින් සිදු කළ යුතු වන්නේ නිවැරදි දේ පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මීට මාස 06 කට පෙර ආණ්ඩුවේ ක්‍රියාකලාපය අගය කළ එම අරමුදල දැන් වැරදි පෙන්වා දෙමින් සිටින බවයි.

එබැවින් නිවැරදි තීරණ ගැනීම සඳහා රජය විදේශිකයින් උපදෙස් ලබා දෙන තුරු සිටිය යුතු නොමැති බව මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ප්‍රමුඛතාව දී පිළිතුරු සෙවිය යුතු වන්නේ දරිද්‍රතාවයට සහ රැකියා ගැටළුවට බවයි.