
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියලුම රථ වාහන සඳහා ඉදිරියේදී ‘මාර්ග යෝග්‍යතා සහතිකයක්’ ලබාගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසයි.
අන්තර්ජාතික වශයෙන් පිළිගත් සහතිකයක් වන මෙය, ලොව දියුණු රටවල අනිවාර්ය සහතිකයක් බව ත් එම සහතිකය නොමැති වාහනයක් ධාවනයට ඉඩක් නොලැබෙන බව ත් ඔහු සඳහන් කරයි.
දැනට වාණිජ කටයුතුවල යෙදෙන වාහන සඳහා ලබාගත යුතු ‘යෝග්‍යතා සහතිකය’ සියලුම වාහන සඳහා අනිවාර්ය කර, සියලු වාහන සඳහා දැනට ලබාගත යුතු දුම් සහතිකයත් සමග යෝග්‍යතා සහතිකය ද ඒකාබද්ධ කර, මෙම ‘මාර්ග යෝග්‍යතා සහතිකය’ එකම ස්ථානයකින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි.
මෙය ඉතා සංකීර්ණ පුළුල් වැඩසටහනක් වන අතර, එය මැනවින් අධ්‍යයනය කොට කළ යුතු කාර්යයක් බැවින්, ලබන වසරේ සිට එහි මූලික කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
දැනට ක්‍රියාත්මක වන ‘දුම් සහතික’ නිකුත් කිරීමේ ක්‍රමවේදය 2027 දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක විය යුතු බැවින්, නව ක්‍රමවේදය තවත් වසර දෙකකින් එනම් 2028 වසරේ සිට හඳුන්වා දීමට සැලසුම් කර ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart