
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 25ක හා වසර 20ක සිරදඬුවම් නියම කර සිටින හිටපු අමාත්‍යවරුන් වන නලින් රුවන්ජිත් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති අභියාචනා පෙත්සම්වලට යටත්ව තමන් ඇප මත මුදාහරින්නැයි එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඊයේ (07දා) ප්‍රතික්ෂේප කරන ලදී.
එම ඇප ඉල්ලීම් ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඬුල්ල හමුවේදී සලකා බැලිණි.
2014.09.01 වැනිදා හා 2014.12.31 වැනිදා කාලය අතරතුරදී එනම් 2015 ජනාධිපතිවරණ සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කළ රුපියල් ලක්ෂ 531ට වඩා වටිනාකමක් සහිත දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ තොගයක් පාසල් අතර බෙදා නොදී වෙනත් කටයුතු සඳහා යොදාගැනීම ඇතුළු චෝදනා යටතේ එම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම විත්තිකරුවන් දෙදෙනාට පෙර කී සිරදඬුවම් නියම කොට තිබේ.
පසුගිය මැයි 29 වැනිදා මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන විනිසුරු මඬුල්ල නියම කළ එකී සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සම් ගොනු කළ විත්තිකරුවන් එකී අභියාචනාවන්ට යටත්ව තමන් ඇප මත මුදාහරින්නැයි කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart