November 7, 2025

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා වැඩබලන අගවිනිසුරු ලෙස අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ විදේශ සංචාරය හේතුවෙන් මෙම පත්වීම සිදුකරන ලදී.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නැවත දිවයිනට පැමිණෙන තෙක් විනිසුරු එස්. තුරෙයිරාජා වැඩබලන අගවිනිසුරු ලෙස කටයුතු කරනු ඇත.