November 7, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයෙකු පත්කිරීම සඳහා වන මැතිවරණය නොවැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, අදාළ ගැසට් නිවේදනය දැනටමත් නිකුත් කර ඇත.

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර ඔක්තෝබර් 22 වන දින ඔහුගේ කාර්යාලය තුළ වෙඩිතබා ඝාතනය කරන ලදී.