
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකයේ ජනප්‍රියම පාන වර්ග අතරින් කෝපිවලට හිමිවන්නේ ඉදිරිපෙළ අසුනකි.
මක්නිසාද යත් ලෝකයේ බොහෝදෙනා තම එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙස කෝපි කෝප්පයක රස බැලීමට පුරුදු වී සිටීම හේතුවෙනි.
වාර්තාවක් තබමින් අලෙවි වුණු කෝපි කෝප්පයක් පිළිබඳව පුවතක් අපට ඩුබායි රාජ්‍යයෙන් වාර්තා වෙයි.
අමෙරිකානු ඩොලර් 1,000ක්, එහෙමත් නැත්නම් රුපියල් තුන්ලක්ෂ හාරදස් තුන්සිය අනූ පහක් වැනි මුදලකට මේ කෝපි කෝප්පය අලෙවි වී තිබේ.
දැනට ලොව මිල අධිකම කෝපි කෝප්පය විදහටත් මෙය හඳුන්නු ලැබේ.
මෙම වාර්තාගත කෝපි කෝප්පය අලෙවි කර තිබෙන්නේ, ඩුබායි රාජ්‍යයේ පිහිටි කැෆේ එකකිනි.
පැනමා රාජ්‍යයේ දුර්ලභ කෝපි විශේෂයක් මේ කෝපි පානය නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබෙන බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
මෙම මිල අධික කෝපි පානයේ රස බැලූ බොහෝදෙනා සඳහන් කර ඇත්තේ, එය අමුතු පැණි රසකින් යුක්ත වන බවයි.
කෙසේවෙතත්, මෙවැනි කෝපි කෝප්ප 400ක් පමණක් අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මීට පෙර ඩුබායි රාජ්‍යයේදීම ඩිරාම් 2,500කට එනම් අමෙරිකානු ඩොලර් 680කට පමණ අලෙවි වූ කෝපි කෝප්පයක් ලොව මිල අධිකම කෝපි කෝප්පය ලෙස වාර්තා අතරට එක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart