
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම මස 21 වැනිදා නුගේගොඩ ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර රැළිය සඳහා සහභාගී නොවීමට විපක්ෂය නියෝජනය පක්ෂ කිහිපයක්ම තීරණය කර ඇතැයි වාර්තා වේ.
හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ නිවසේ ඊයේ පස්වරුවේ පැවති විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එකමුතුවේ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ තමන් මෙම රැළියට කිසිසේත් එක්නොවන බවයි.
එමෙන්ම එම රැස්වීම සඳහා සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ, තමන් මෙම රැළියට සහභාගී වන්නේද නැද්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව සහ එය සංවිධාන කරන්නේ කවුරුන් ද යන්න හෝ තමන් මෙතෙක් නොදන්නා බවයි.
විපක්ෂයක් ලෙස සියලුදෙනා මෙම ජන රැළියට ආශීර්වාද කළද, ඊට එක්වීම සම්බන්ධයෙන් එක් එක් පක්ෂවලට ස්වාධීන මතවාදයක් සහ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිදහස තිබෙන බව ද ඔහු එහිදී පෙන්වාදුන්නේය.
මේ අතර එම අවස්ථාවට එක්ව සිටි දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද ජනමාධ්‍ය හමුවේ පැවසුවේ ඔහුගේ පක්ෂය 21 වනදා පැවැත්වෙන රැළියට සුබ පැතුම් එක් කරන නමුත් ඒ සඳහා සහභාගී නොවන බවයි.
කරුණු කිහිපයක් හේතුවෙන් සිය සන්ධානයට ඒ සඳහා සහභාගීවීමට නොහැකි බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart