
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නිවාස 100,000ක් දැනට බිත්ති සඳහා මැටි සහ පාෂාණ භාවිත කර ඉදිකර ඇති අතර තල් කොළ, පොල් අතු හෝ පිදුරුවලින් වහලය සෙවිලි කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එවැනි නිවාසවලට කාලගුණයට ඔරොත්තු දීමේ හැකියාවක් නොපෙන්වන බවයි.
2024 නිවාස මූලික වාර්තාව උපුටා දක්වමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, මුළු නිවාස ඒකක වලින් සියයට 2.8 ක් හෙවත් 168,000 ක බිත්ති මැටි සහ ගල් වලින් සාදා ඇති බවයි.
ඒවා බොහෝවිට දැඩි කාලගුණික තත්ත්වයන් යටතේ පහසුවෙන් හානි වියහැකි තත්වයේ පවතින බවත්, තවත් නිවාස 102,000 ක් හෝ නිවාස වලින් සියයට 1.7 ක වහල තල් ගස් කොළ, පොල් අතු සහ පිදුරු වලින් ආවරණය කර ඇත.
ඇස්බැස්ටෝස්වලින් සාදන ලද වහල සහිත නිවාස ඒකකවල වැඩිම ප්‍රතිශතය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි අගය ප්‍රතිශතයක් ලෙස සියයට 75.5 ක් වේ.
තහඩු සෙවිලි කළ වහල සහිත නිවාස ඒකකවල වැඩිම ප්‍රතිශතය වාර්තා වන දිස්ත්‍රික්ක වන්නේ නුවරඑළිය (සියයට 16.1), බදුල්ල (සියයට 8.4) සහ මුලතිව් (සියයට 5.0) වේ.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ නිවාස ඒකකවලින් සියයට 5.7 ක කල් පැවැත්මෙන් තොර පොල් අතු, තල්, පිදුරු ආදියෙන් සාදන ලද වහල පවතින බවයි.
එසේ වුවද ශ්‍රී ලංකාවේ නිවාස ඒකක බහුතරයක් බිම සඳහා සිමෙන්ති භාවිත කර ඇති අතර, නිවාස 120,000 ක බිම් මහල මැටි සහ වැලි වලින් සමන්විත වේ.
ශ්‍රී ලංකාවේ නිවාස ඒකක බහුතරයක් (සියයට 55.3) ආහාර පිසීම සඳහා ප්‍රධාන බලශක්ති/ඉන්ධන ප්‍රභවය ලෙස දර භාවිතා කරන අතර ඉන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ මොනරාගල (සියයට 83.6) සහ බදුල්ල (සියයට 80.6) යන ප්‍රදේශවලින් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart