
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ අන්තර්ජාතික සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් නැතහොත් වතිකානයේ විදේශ ඇමති ලෙසින් සැළකෙන, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්, නිල රාජ්‍ය සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණියේය.
විදේශ අමාත්‍යාංශයට අනුව, ශ්‍රී ලංකාවට පැමිණි අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගනු ලැබීය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනයෙන් සංචාරයක නිරත වන අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් නොවැම්බර් 08 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.
ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම සංචාරය සිදු කරනු ලැබේ.
සංචාරය අතරතුර, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය හමුවී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇත.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර, එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශනයක් පවත්වනු ඇත.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ පල්ලි ඇතුළුව රට පුරා සංස්කෘතික හා ආගමික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීම ද සංචාරයට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart