
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විවිධ පක්ෂවල දේශපාලන නියෝජිතයෝ පිරිසක් පසුගිය සිකුරාදා යාපනයේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ.
ඔවුන්ගේ සංචාරයට දේශපාලන සාකච්ඡා, ස්ථාන චාරිකා හා ප්‍රාදේශීය නායකයන් සහ විද්වතුන් සමඟ සංවාද ඇතුළත් විය.
ඔවුන්, සියලුදෙනා ඇතුළත් පාලනය, කලාපීය හවුල්කාරිත්වය සහ උතුරු සංවර්ධනය යන මාතෘකා කෙරෙහිද එම සංචාරයේදී අවධානය යොමුකර ඇත.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ඉල්ලීම පරිදි, මෙම කටයුතු සඳහා ‘සහයෝගීතාවය සඳහා වූ ඒකාබද්ධ බලපෑම’ (CII) නම් සංවිධානය විසින් පහසුකම් සපයා ඇත.
ප්රතිසන්ධානය ඉදිරියට ගෙනයෑම, වගවීම පිළිබඳ වැඩි අවබෝධයක් ලබාගැනීම, ඉඩම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ කලාපය පුරා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විවිධ පක්ෂවල සංවාදයක් සහ සහයෝගීතාවයක් වර්ධනය කිරීමද මෙහිදී අරමුණු කර තිබිණි.
සංචාරයේ කොටසක් ලෙස, නියෝජිතයෝ කන්කසන්තුරේ වරාය සහ පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ නැරඹීමට පෙර, අභ්‍යන්තර සහ කලාපීය සම්බන්ධතාවය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා යාපනය දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය (KKS) දක්වා දුම්රියෙන් ගමන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart