November 3, 2025

රට තුළ පවතින ආයෝජන අවස්ථා ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හෝ ප්‍රාග්ධනය විදෙස් රටවලින් ගෙන ආ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ද හිමිවිය යුතු බවයි.

නමුත් ඒ සඳහා සහන ලබාදීමට නොහැකි බව ජාත්‍යන්තර අරමුදල පවසන්නේ නම් රටේ ණය රටේ බදු මුදලින් පියවීමට කිසිසේත් නොහැකි වීම හේතුවෙන් මතු වන්නේ අර්බුදයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් සිදු කළ යුතු වන්නේ රටට නව ආයෝජකයින් ගෙන්වා ගැනීම බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ හමුවේ ආර්ථිකය ප්‍රසාරණය වන බවයි.

එමගින් රටට නව ආදා‍යම් මාර්ග ගලා එන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.