
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් සඟවාගෙන සිටින ජංගම දුරකථන සොයා අවස්ථා දෙකකදී කළ වැටළීම්වලින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘ලොකු පැටී’ සහ ‘වෙලේ සුදා’ නමැත්තන් ජංගම දුරකථන දෙකක් පොළොවේ ගසා විනාශ කර තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති ඇති අතර ‘මිදිගම රුවන්’, ‘වෙලේ සුදා‘, ‘දෙමටගොඩ චමින්ද’, ‘ලොකු පැටී’ ඇතුළු අපරාධකරුවන් රැසක් එම බන්ධනාගාරයේ රඳවා ඇත.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිරමැදිරි 80 කට වැඩි සංඛ්‍යාවක් පවතින බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් ඉකුත් 8 වැනිදා කළ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන 29 ක් සොයාගෙන තිබූ අතර එම අවස්ථාවේදී ලත්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී නමැත්තා විසින් තමා සන්තකයේ තිබූ දුරකතනයක් පොළොවේ ගසා විනාශ කර තිබිණි.
එමෙන්ම පසුගිය 27 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කණ්ඩායමක් නැවත බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කළ සෝදිසි මෙහෙයුමකදී ස්මාර්ට් වර්ගයේ දුරකතන 10 ක් සහ ඇනලොග් වර්ගයේ දුරකතන 4 ක් සොයාගෙන තිබූ අතර එම අවස්ථාවේදී ගම්පොළ විදානලාගේ සමන් කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා විසින් තමා සන්තකයේ තිබූ දුරකතනයක් පොළොවේ ගසා විනාශ කර තිබිණි.
කෙසේවෙතත් එම විනාශ කළ දුරකතන පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර එම දුරකතන දත්ත වාර්තා ලබාගැනීමට නියමිතව ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රධාන අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වාගේ ඍජු උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ විමර්ශන කණ්ඩායම් කීපයක නිලධාරීහු මෙම වැටළීම සිදුකළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart