
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔක්තෝබර් 25 වැනි දින අභාවප්‍රාප්ත වූ සිරිකිත් රැජින වෙනුවෙන් විවෘත කරන ලද කොළඹ තායිලන්ත තානාපති කාර්යාලයේ ශෝක ප්‍රකාශ පොතට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්සන් තැබීය.
විදේශ අමාත්‍ය විජිත හේරත් ද තායිලන්ත තානාපති කාර්යාලයේ දී ශෝක ප්‍රකාශ පොතට අත්සන් තැබීය. ඔහු රාජකීය පවුලට, රජයට සහ තායිලන්ත ජනතාවට ශ්‍රී ලංකාවෙන් ශෝකය පළකළේය.
ඔක්තෝබර් 25 වැනි දින අභාවප්‍රාප්ත වූ තායිලන්තයේ සිරිකිත් මව් රැජින 1950 දී මහා භූමිබෝල් අදුල්යාදේජ් රජු සමඟ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙරටට පැමිණි ඔවුහු කොළඹ පැරණිතම විහාරස්ථානය වන දීපදුත්තාරාමය පුරාණ රජ මහා විහාරයට ගොස් අද දක්වාම සශ්‍රීකව පවතින මදාරා ගසක් රෝපණය කළහ.
ඇය තායිලන්තයේ රජු වන වජිරලොන්කෝන් රජුගේ මවයි. ඇය ඔක්තෝබර් 25 වන දින වයස අවුරුදු 93 දී අභාවප්‍රාප්ත වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart