
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුවන් 2000ක් පමණ හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.
රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පෙන්වාදෙන ආකාරයට, රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය දිනකට හෘද සැත්කම් 05 බැගින් සිදුකරනු ලබති.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහත් කැපවීමෙහන් ඒ සඳහා කටයුතු කළද දැනට පවතින භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සැත්කම් සංඛ්‍යාව වැඩිකිරීමට නොහැකි වී ඇති බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.
මෙම තත්වයට පිළියමක් ලෙස මහල් 11කින් සමන්විත ළමා හෘද රෝග ඒකකයක් කොළඹ ළමා රෝහලේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ.
එහි වැඩකටයුතු ලබන වසර මැද වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart