
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන අගමැතිනි සනායි තකයිචි ජපන් – ඉන්දු සබඳතාවල නව “ස්වර්ණමය පරිච්ඡේදයක්” විවෘත කිරීමට යෝජනා කළ බව ජපාන රජය පැවසීය.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවැති දුරකතන සංවාදයකදීයි.
ඔක්තෝබර් 21 වන දින ජපානයේ පළමු කාන්තා අගමැතිනිය බවට පත් වූ ටකයිචි, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ද ඇතුළත් වන Quad රාමුව හරහා ඉන්දියාව සමඟ සහයෝගීතාවයෙන් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ජපාන විදේශ අමාත්‍යාංශය පවසයි.
නායකයින් දෙපළ අතර පැවැති දුරකථන සාකච්ඡාව අතරතුර ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සමඟ සමුළුවක් සඳහා මෝදි අගෝස්තු මාසයේදී ටෝකියෝවට ගිය විට නිකුත් කරන ලද “ඊළඟ දශකය සඳහා ඒකාබද්ධ දැක්ම” මත ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ඇය පැවසුවාය.
ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉලක්ක සහ ඉලක්ක ලේඛනය සකසා ඇති අතර ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා පියවර ද දක්වා තිබේ.
ඒ අතරට ඉන්දියාවේ ජපන් ආයෝජන යෙන් ට්‍රිලියන 10 (ඩොලර් බිලියන 66) දක්වා ඉහළ නැංවීම සහ වසර පහක් ඇතුළත අන්‍යෝන්‍ය පුද්ගල හුවමාරුව 500,000 දක්වා ඉහළ නැංවීම ඇතුළත් වේ.
විවිධ ක්ෂේත්රවල ස්ථිර සහයෝගීතාව ඉදිරියට ගෙන යාමෙන් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ජපාන අග්‍රාමාත්‍යවරියට පැවසූ බව ජපන් විදේශ අමාත්‍යංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart