October 30, 2025

හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් හමුදා සාමාජිකයන් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.

මෙම සිදුවීම ඊයේ (29) මාදුරුඔය හමුදා පුහුණු කඳවුරේදී සිදුවී ඇති බව වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ගවලට අනුව, තුවාල ලැබූ සොල්දාදුවන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවේ.

ඔවුන්ගේ කකුල් වලට තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා හමුදාව සහ රුසියානු හමුදාව අතර දැනට පැවැත්වෙන ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් අතරතුර මෙම අනතුර සිදුවී ඇත.