
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රනිල් වික්‍රමසිංහ අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණයේදී ප්‍රකාශ කළේය.
එක්සත් රාජධානියේ සංචාරයකදී රුපියල් මිලියන 16 කට අධික මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩු කටයුත්ත ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප් පීරිස් අධිකරණයට පැවසුවේ, රනිල් වික්‍රමසිංහට හදවතේ ධමනි අවහිර වී ඇති බවත්, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබා ඇති බවත් සඳහන් කරමින් වෛද්‍යවරුන් හයදෙනෙකු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.
අධිකරණ නියෝගයක් නොමැතිව එවැනි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළ අතර එය විත්තිකරුගේ බලපෑමෙන් සිදු වූ බව කියාසිටියේය.
රිමාන්ඩ් භාරයේ සිටියදී හිටපු ජනාධිපතිවරයාගේ හැසිරීම පීරිස් දැඩි ලෙස විවේචනය කරමින් මෙසේ පැවසීය:
“ස්වාමීනි, පෙර දින, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට පැවසුවේ තම සේවාදායකයාගේ තත්ත්වය නරක අතට හැරී ඇති බවත් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත්ය. සාමාන්‍යයෙන්, දැඩි සත්කාර ඒකකයෙන් පිටව යන රෝගීන් සාමාන්‍ය වාට්ටුවකට යවනු ලබනවා. නමුත් මෙම සැකකරු පසුදාම වෛද්‍යවරුන් සමඟ සිනාසෙමින්, සෙල්ෆි ගනිමින් රෝහලෙන් පිටව ගියා.
ලෝකයේ කුමන දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙක් බොරිස් ජොන්සන්ගේ පොත් කියවනවාද? වාට්ටුවේ සිටියදී පවා ඔහු විවිධ පුද්ගලයින්ට දුරකථන ඇමතුම් ලබාදී තිබෙනවා. මේ සාමාන්‍ය සැකකරුවෙක් නොවේ ස්වාමිනි. මේ පැය 36ක් ඇතුළත රුපියල් මිලියන 16ක රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කළ පුද්ගලයෙක්” යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පහතින් දැක්වෙන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී ඉදිරිපත් කළ සම්පුර්ණ කරුණු දැක්වීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart