
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාපටිපාටිය හරහා නවතම ඩීසල් ඩබල් කැබ් රථ 1,775 ක් ආනයනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුවේ (COPE) හිටපු සභාපති චරිත හේරත් පවසයි.
එහි ප්‍රතිලාභීන් කවුරුන්ද යන්න සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ලංසුකරුවන් සඳහා ලබාගත හැකි කාලය දින 12 කට (ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 03 දක්වා) සීමාකළේ මන්දැයි රජය හෙළිකළ යුතු බව පවසන ඔහු ඔහු පෙන්වාදෙන්නේ, වාහන මිලදී ගැනීම් සඳහා මෙතරම් විශාල ටෙන්ඩරයක් ඉදිරිපත් කළ අවස්ථාවක් මීට පෙර කිසිදා නොතිබුණු බවයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ඇපකර පැකේජයේ කොටසක් ලෙස දූෂණ විරෝධී පියවර ශක්තිමත් කිරීම සඳහා රටට එල්ල කරන ලද දැඩි පීඩනයේ පසුබිමට එරෙහිව මෙම ගනුදෙනුව දෙස දෑස් පියාගෙන සිටිය නොහැකි බව ද ඔහු පවසයි.
එමෙන්ම චරිත හේරත් රජයෙන් විමසා සිටින්නේ, මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන් ද ප්‍රතිලාභීන් අතර සිටීද යන්නයි.
යම් ලංසුකරුවෙකුට පහසුකම් සැලසෙන ආකාරයෙන් ටෙන්ඩරය සකස් කිරීමේ හැකියාව බැහැර කළ නොහැකි බව පවසන ඔහු, පසුගිය දශක කිහිපය තුළ රට තුළ සිදුවෙමින් පැවති දෑ නැවත සිදුකිරීමට ජාතික ජන බලවේගයට නොහැකි බව ද සඳහන් කරයි.
දැවැන්ත වියදමක් දරා මෙතරම් වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීමට තීරණය කළේ ඇයි ද යන්න සහ පසුගිය පාලනයන් යටතේ භාවිත කළ වාහන කඩිමුඩියේ වෙන්දේසි කළේ ඇයිද යන්නත් රජය පැහැදිලි කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පිරිස් මෙම ගැටලුව දැඩි ලෙස මතුකර, රජය මෙම ද්විත්ව කැබ් ටෙන්ඩරය නැවත සලකාබලන තත්වයට පත්කළ යුතු බව ද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart