
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම දියත් කළේය.
ඒ වෙනුවෙන් සැකසූ සුවිශේෂී ‘චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මීට සුළු වෙලාවකට පෙර අභ්‍යවකාශගත කෙරිණි.
යානය අගෝස්තු 23-24 දිනවල සඳ වෙත ළඟා වීමට නියමිත බව අභ්‍යවකාශ නිලධාරීහු පවසති.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරනි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සිදු කළ සිව්වන රට ඉන්දියාව වනු ඇත.
මීට පෙර ඉන්දියාවේ චන්ද්‍රයාන්-2 මෙහෙයුම 2019 දී අසාර්ථක වූයේ මෘදුකාංග දෝෂයක් නිසා යානය සඳ මතුපිටට කඩා වැටීමෙනි.
එම මෙහෙයුම සිදු කරන ලද ‘වික්‍රම් ලෑන්ඩරය’ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කළ හැකි ප්රග්යාන් නම් රෝද හයක රෝවරයක් යෙදවීමට අදහස් කළ නමුත් ඒ දෙකම කඩා වැටීමෙන් විනාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart