
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ සුළු සුළු අඩුපාඩු පවා සෙවූ සමගි ජන බලවේගය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට අපරාධ නඩු හයක් තිබියදීත් එම අපේක්ෂක ධුරය දුන්නේ කෙසේ දැයි පළාත් පාලන නියෝජිතයන් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
මීට වගකිව යුතු බව කියන පක්ෂ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව ද එම පිරිස දැනුම් දී ඇත.
ලසන්ත වික්‍රමසේකරට එරෙහිව නඩු හයක් තිබූ බවත් මත්කුඩු සම්බන්ධ නඩුවකට ඔහුට අත්හිටුවූ සිර දඬුවම් පවා නියමව සිටි බවත් ඔවුහු පෙන්වා දෙති.
ඔහුට පළාත් පාලන අපේක්ෂකත්වය දීමේදී මෙම නඩු සම්බන්ධයෙන් දැන නොසිටියේ යැයි පිළිගත නොහැකි බව පවසන එම පළාත් පාලන නියෝජිතයෝ මේ සම්බන්ධයෙන් පක්ෂය විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද අවධාරණය කරති.
එසේම මෙම කාරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයා හමුවී සාකච්ඡා කිරීමට ද එම නියෝජිතයෝ බලාපොරොත්තු වෙති.
මේ සම්බන්ධයෙන් අප පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart