
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී තෙමෙන බව ජනතාව කියති.
එහි වහලයේ ඇති අබලං තත්ත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම වැසි ජලයෙන් තෙමී යෑමේ අවදානම් තත්ත්වයක් උදාවී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් තැපැල් සේවකයන් මෙන්ම නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ ද දැඩි ලෙස අපහසුතාවයට පත්වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ කාලවකවානුවේ දී මෙම තැපැල්හල විකුණා දමන බව කියමින් තැපැල් සේවකයෝ වෘත්තීය සටන් කළහ.
එම සටන් දිගින් දිගටම සිදුකෙරිණි.
නව ආණ්ඩුව බලයට පත්වීමත් සමගම එම යෝජනාව නැවත හැරවීමට රජය කටයුතු කළේය.
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්රධාන නිලධාරිනියක ජාතික ජනබලවේගයේ අපේක්ෂිකාවක ලෙස නුවරඑළිය මහනගර සභාවට තරග වැදි නමුත්, මේ වන විටත් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ගොඩනැඟිල්ලේ ඇති අඩුපාඩු සැකසීමට රජය කටයුතු කර නොතිබීම කනගාටුවට කරුණක් බව තැපැල් සේවකයෝ කියති.
අඩුපාඩු සකසා දීමට රජය කටයුතු නොකිරීමෙන් ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල අභාවයට යමින් පවතින බව නුවරඑළිය රැකගැනීම වෙනුවෙන් වූ සංවිධාන චෝදනා කරයි.
මෙලෙස කරන්නේ මෙම තැපැල් කාර්යාලය පෞද්ගලික ආයතනයකට පැවරීමේ උත්සාහයකට දැයි සැක සිතෙන බව ද ඔවුහු කියති.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart