
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනියුලාවක් හරහා ඖෂධයක් ලබාදීමෙන් පසු ඇති වූ බව කියන ආසාදනයක් හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) අනුයුක්තව සේවය කළ සේවකයෙක් මිය ගොස් ඇතැයි වාර්තා වේ.
වයස අවුරුදු 33ක කළමනාකරණ සහකාරවරයෙක් වන ඔහු, මීට දින කිහිපයකට පෙර උණ රෝගයට ප්රතිකාර ලබාගැනීම සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහුට කැනියුලාවක් මගින් ඖෂධයක් ලබා දී තිබේ.
කෙසේ වෙතත්, මරණයට සැබෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කළමනාකාරීත්වය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය පුද්ගලයා හෘදයාබාධය, ඇදුම වැනි නිදන්ගත රෝග කිහිපයකින් ද පීඩා විඳ ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart