October 24, 2025

පසු­ගිය ආණ්ඩුව සමයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ඉඩම් අක්කර සියගණ­නක් අත්ත­නෝ­ම­තික ලෙස අත්පත් කර­ගෙන ඇති බවට පව­තින චෝදනා සම්බ­න්ධ­යෙන් නිසි විම­ර්ශන සිදුකරන බව ඉඩම් හා වාරි­මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අර­වින්ද සෙන­රත් පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී මංජුල සූර­වීර ආරච්චි විසින් යොමු­කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා ඒ බව සඳ­හන් කළේය.

හිටපු පාර්ලි­මේන්තු මැති ඇමැ­ති­ව­රුන් වන වඩි­වේල් සුරේෂ්, සතා­සි­වම්, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, රංජිත් සිය­ඹ­ලා­පි­ටිය සහ ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ හිටපු සභා­පති උපාලි ලිය­නගේ ඇතුළු දේශ­පා­ල­න­ඥ­යන් පිරි­සක් මෙම ඉඩම් අත්පත් කර­ගෙන ඇති බව ප්‍රශ්නය යොමුකර­මින් පාර්ලි­මේන්තු මන්ත්‍රී මංජුල සුර­වීර සඳ­හන් කළේය.

ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදුකරන ලෙසට අමා­ත්‍යාංශ බල­ධා­රීන්ට උප­දෙස් ලබා­දෙන බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

සිදුකරන චෝදනා සම්බ­න්ධ­යෙන් නිසි විම­ර්ශ­න­යක් කර පාර්ලි­මේ­න්තුව‌ට වාර්තා කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය අර­වින්ද සෙන­රත් පැව­සිය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී මංජුල සුර­වීර මතුකරන ලද ප්‍රශ්න­යක‌ට පිළි­තුරු දෙමින් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව විසින් කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට නිල වශ­යෙන් ඉඩම් වෙන්කිරීම පිළි­බඳ තොර­තුරු වත්මන් ලැයි­ස්තු­වට ඇතු­ළත් නොවන බවත්, එවැනි දේශ­පා­ල­න­ඥ­යන් විසින් අත්පත් කර­ගත් ඉඩම් සම්බ­න්ධ­යෙන් නිසි පරී­ක්ෂණ පව­ත්වන බවත් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

දිව­යින පුරා මෙවැනි ඉඩම් අත්පත් කර­ගැ­නීම් සිදුවී ඇති බවට තොර­තුරු ලැබී ඇති බැවින්, ඒ සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂණ පැවැ­ත්වී­මට පිය­වර ගන්නා බව ඔහු වැඩි­දු­ර­ටත් පැව­සීය.

ප්‍රශ්නය යොමුකළ පාර්ලි­මේන්තු මන්ත්‍රී මංජුල සුර­වීර ආරච්චි මෙසේ ද පැව­සීය.

“නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ජන­තා­වට ජීවත්වීමට ඉඩම් නැහැ. පසු­ගිය රජය සම­යේදී දේශ­පා­ල­න­ඥ­යන්ට විශාල ඉඩම් ප්‍රමා­ණ­යක් ලබාදී තිබෙ­නවා. හිටපු රාජ්‍ය අමාත්‍ය වඩි­වේල් සුරේෂ් මහතා අඹ­ග­මුව, වේවැ­ල්ත­ලාව ප්‍රදේ­ශයේ ඉඩම් අක්කර 50ක් අත්පත් කර­ගෙන තිබෙ­නවා. ඊට යාබ­දව පිහිටි ඉඩම් අක්කර 50 ක් හිටපු ලොත­රැයි මණ්ඩල සභා­පති උපාලි ලිය­නගේ මහතා විසින් අත්පත් කර­ගෙන තිබෙ­නවා. ඊට අම­ත­රව නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ තවත් දේශ­පා­ල­න­ඥ­යන් කිහිපදෙනකු මේ ආකා­ර­යෙන් ඉඩම් අත්පත් කර­ගෙන තිබෙ­නවා. ඒ අනුව, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සතා­සි­වම් මහතා කොත්මලේ නැඟෙ­න­හිර පොටෝස් වතු­යායේ අක්කර 16ක ඉඩ­මක් අත්පත් කර­ගෙන තිබෙ­නවා. හිටපු අමාත්‍ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා තල­ව­කැලේ ප්‍රදේ­ශයේ අක්කර 50ක ඉඩ­මක් අත්පත් කර­ගෙන තිබෙ­නවා. හිටපු අමාත්‍ය මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ මහතා නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ මාග­ස්තොට ප්‍රදේ­ශයේ ස්ථාන තුනක අක්කර 10 බැගින් ඉඩම් අත්පත් කර­ගෙන තිබෙ­නවා.“ (දිනමිණ)