
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසරේ සිට සියලුම පෙර පාසල් සඳහා දීපව්‍යාප්ත එක් විෂය මාලාවක් හඳුන්වාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ රැස්වීමක මුලසුන හොබවමින් මෙම අදහස් පළකළ අග්‍රාමාත්‍යවරිය පෙන්වාදුන්නේ, මුල් ළමාවිය විෂයමාලා රාමුව දැනටමත් අවසන් කර ඇති බවත්, පෙර පාසල් ගුරුවරුන් 19,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පුහුණුව 2025 නොවැම්බර් 25 වැනි දින ආරම්භ කරන බවයි.
නව විෂයමාලාව යටතේ පාඩම් ඉගැන්වීම සඳහා ගුරුවරුන් සම්පූර්ණයෙන්ම සන්නද්ධ කර ඇති බව සහතික කිරීම සඳහා සෑම පළාතකම පුහුණු සැසි පවත්වන බව ද ඇය පැවසුවාය.
රජයේ ප්‍රතිපත්තිය පාසල් වසාදැමීම නොව, සියලුම සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනය සහ සමාන අවස්ථා සහතික කිරීම සඳහා ඒවා ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart