
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් තවත් ඖෂධ වර්ග 170කට අධික ප්‍රමාණයක් ගෙන්වීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීයානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව එම රජයේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති රහස් පොලිසිය එලෙස ඖෂධ ගෙන්වීමේ දී අපරාධ චේතනාවන් තිබුණේ ද යන්න හෙළිකර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
2022 සැප්තැම්බර් 26 වැනිදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ අවශ්‍ය ඖෂධ මොනවාද යන්න පිළිබඳව හෝ සඳහන් කර නොතිබිය දී ඇත්ත වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතුණේ ද යන්න පිළිබඳව හෝ සොයාබැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය එම කැබිනට් පත්‍රිකාවට අවසරය දුන්නේ කෙසේද යන්න පිළිබඳව අදාළ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ යන අයගෙන් රහස් පොලිසිය මීට පෙර ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම හිටපු අමාත්‍යවරුන් සහ නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයන්ගෙන් හෙළි වූ කරුණු අනුව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart