
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබාගැනීම සඳහා නඩුවට පෙනීසිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්රී තාරක නානායක්කාර එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිද්ධියෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනීසිටීම හේතුවෙන් නීතිඥ තාරක නානායක්කාරට පසුගිය දිනවල නීතිඥවරුන් පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව පැවැසේ.
ඒ අනුව ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වූ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර, එහිදී නීතිඥ තාරක නානායක්කාර විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ සිය ලිපිය බාර දී ඇත.
කෙසේවෙතත් ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බව දැන ගන්නට ඇත.
මේ පිළිබඳව නීතිඥ තාරක නානායක්කාරගෙන් ‘ලංකාදීපය’ විමසූ විට ඔහු පවසා ඇත්තේ, ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනීසිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර, අදාළ කොස්තාපල්වරයා දන්නා කියන හිතවත් පවුලක අයකු වූ නිසා බවත්, මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart