
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමත් සමග 2025 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කාන්තාවන් 18 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ වාර්තා කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවෝ වයස අවුරුදු 20-45 අතර පසුවෙති.
එසේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ගිනිඅවි ප්‍රවාහනය, ඔත්තු බැලීම, මත්ද්‍රව්‍ය ජාවාරම යන අපරාධවලට ආධාර අනුබල දී ඇති බවට විමර්ශනවලින් තොරතුරු හෙළිවී ඇත.
අත්අඩංගුවට ගෙන ඇති බොහෝ කාන්තාවන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවන් වන අතර විදේශ රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු අපරාධකරුවන්ට මොවුන් අපරාධ සඳහා ආධාර අනුබල ලබා දී ඇති බව පොලිසිය පවසයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නේපාලයට පලාගොස් සැඟවී සිටි ඉෂාරා සෙව්වන්දි, යාපනයේ පදිංචි ජේ. කේ. බායි, ජැෆ්නා සුරේෂ්, නන්දකුමාර් තක්ෂි, නුගේගොඩ පදිංචි ශ්‍යාමන්ත සිල්වා නොහොත් බබී, ගම්පහ පදිංචි නිශාන්ත කුමාර නොහොත් බබා නමැත්තන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, අපරාධ පරීක්ෂණට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා රහසිගතව සිදු කළ විමර්ශනවලින් අනතුරුව නේපාලයේ කත්මණ්ඩු නුවර සැඟවී සිටිය දී අත්අඩංගුවට ගනු ලැබීය.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart