
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන් ශාරීරික දඬුවම් ඇතුළත් නඩු ගැන වාර්තා වැඩිවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කනස්සල්ල පළකර තිබේ.
එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එවැනි ක්‍රියාවන් ශාරීරික තුවාල පමණක් නොව කල් පවතින සිත්තැවුල් මෙන්ම ඇතැම් අවස්ථාවල කම්පනයට සහ සියදිවි නසාගැනීමට පවා හේතුවන බවයි.
2025 ජූලි 4 වැනි දින ගැසට් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ගැන සඳහන් කරමින් මානව හිමිකම් කොමිසම පවසන්නේ, යෝජිත නීති මගින් වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයකුට එරෙහිව ශාරීරික හා ශාරීරික නොවන සියලු ආකාරයේ කෲර, අවමන් සහගත සහ හානිකර දඬුවම් තහනම් කිරීමට උත්සාහ කර ඇති බවයි.
දණ්ඩ නීති සංග්‍රහය මගින් ළමුන්ට සිදුකරන කෲරත්වය අපරාධයක් ලෙස සලකන අතර, ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනත මඟින් දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මගින් කිසිදු පුද්ගලයකු වධහිංසා පැමිණවීම හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට ලක්නොවිය යුතු බව තවදුරටත් සහතික කෙරේ.
නිවසේදී, පාසල්වලදී, විකල්ප රැකවරණ පහසුකම්වලදී හෝ අධිකරණ ආයතනවලදී ශාරීරික දඬුවම් මෙමගින් අදහස් කෙරේ.
සෑම පසුබිමකම ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ සාමූහික ප්රයත්නයක කොටසක් ලෙස ප්‍රතිසංස්කරණ සඳහා වන මෙම ඉල්ලීම තේරුම් ගත යුතු බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
විනය වැදගත් නමුත් බිය හෝ ප්රචණ්ඩත්වය මත නොව දරුවන්ගේ ගෞරවය සහ විශ්වාසය ගොඩනඟන ධනාත්මක සහ ගෞරවනීය ප්රවේශයන් මත පදනම් විය යුතු බව ද එම කොමිසම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart