
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ අදානි සමාගමට කළින් ලබාදුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙක සඳහා නව ටෙන්ඩර් කැඳවීමට පෙර, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) පක්ෂි ගැටුම් වැළැක්වීමේ අධ්‍යයනයක් සිදුකිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
නව ආණ්ඩුව මෙම ව්‍යාපෘති සමාලෝචනය කිරීමට තීරණය කිරීමෙන් පසු අදානි සමූහය දැනටමත් ව්‍යාපෘතිවලින් ඉවත් වී ඇත.
ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරියේ (SLSEA) නිලධාරියකු ජනමධ්‍ය වෙත පවාසා ඇත්තේ, මධ්‍යම පරිසර අධිකාරිය නව පක්ෂි ගැටුම් වැළැක්වීමේ අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බවයි.
විශේෂයන්ට පවතින අවදානම අවම බව සහතික කිරීම සඳහා ඉදිකෙරෙන සුළං බලාගාර ආසන්නයේ සහ අවට පක්ෂීන් හැසිරෙන ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි අවශ්‍ය කරන නියාමන අවශ්‍යතාවයක් පවතින බව පැවැසේ.
ව්‍යාපෘතිවලින් ඉවත්වීමෙන් පසු අදානි සමාගමට ගෙවිය යුතු අලාභය පිළිබඳව විමසූ විට, අදාළ නිලධාරියා පවසා ඇත්තේ, ආපසු ගෙවිය යුතු යම් මුදලක් පිළිබඳ මූලික එකඟතාවයක් ඇති නමුත්, නඩුවක් විභාග වෙමින් පවතින බැවින් එය මේ මොහොතේ හෙළිකළ නොහැකි බවයි.
“කාරණය දැන් නීතිපතිවරයා සතුව පවතී,”යනුවෙන් ඔහු පවසා ඇත..
මුලින් ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් වෙත පිරිනමන ලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකට මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලයක් සංවර්ධනය කිරීම ඇතුළත් වූ අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 442 ක් පමණ ආයෝජනය කරන ලදී.
මෙම ව්‍යාපෘති වසර 20 ක විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුමක් යටතේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සැපයීමට අදහස් කරන ලද නමුත්, තීරුබදු අනුපාත, පාරිසරික බලපෑම සහ ක්‍රියාපටිපාටි විනිවිදභාවය සම්බන්ධයෙන් පැවැති ගැටළු මතභේදයට තුඩුදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart