
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නඩුවකට පෙනීසිටීම සඳහා හමුදා මේජර්වරයකුගෙන් රුපියල් 50000/-ක් ලබාගෙන නඩුවට පෙනීනොසිට, නීතිඥයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීමේ චෝදනාවන්ට වරදකරු වූ නීතිඥ වසන්ත විජයවර්ධන නීතිඥභාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
මෙවැනිම හැසිරීමක් හේතූවෙන් මීට පෙරදීත් වසර හතක තහනමක් පනවා තිබු නීතිඥ වසන්ත විජයවර්ධන, මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවත්වූ පරීක්ෂණයේදී හමුදා මේජර්වරයා ගෙන් ලබාගත් රුපියල් 50000/-ක මුදල යළි ගෙවීමට පොරොන්දුවි එම පොරොන්දුවද පැහැර හැරීම මෙන්ම, පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදීත් කිසිවිටෙකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීනොසිටීමද සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කර තිබේ.
වත්තේගම ප්‍රදේශයේ පදිංචි මේජර් පලිපාන ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව නීතිඥ වසන්ත විජයවර්ධන මෙලෙස නීතිඥභාවයෙන් ඉවත් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන ප්‍රියන්ත ප්‍රාන්දු සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කර තිබේ.
මූලික අයිතිවාසිකම් නඩුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලකට පෙනීසිටීමට පොරොන්දුවි රුපියල් 50000/-ක මුදලක් ලබාගෙන අදාළ මූලික අයිතිවාසිකම් නඩුවට පෙනීනොසිට, ලබාගත් රුපියල් 50000/-ක මුදල හෝ ආපසු නොගෙවීමෙන් වගඋත්තරකාර නීතීඥවරයා නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරෙන ලදැයි චෝදනා කරමින් වගඋත්තරකරුට නීතීඥවරයාට එරෙහිව පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart