
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ අනුව ඔහු පවසා ඇත්තේ ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වන බව අගමැති නරේන්ද්‍ර මෝදි තමාට පැවසූ බවයි.
එය රුසියාව ආර්ථික වශයෙන් හුදකලා කිරීමේ උත්සාහයන්හි විශාල පියවරක් බව ද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බවත්, ඒ අනුව ඔවුන් රුසියාවෙන් තෙල් මිලදී නොගන්නා බවට තමාට සහතික වූ බවත් ට්‍රම්ප් ධවල මන්දිර උත්සවයකදී වාර්තාකරුවන්ට පවසා තිබේ.
එමෙන්ම ට්‍රම්ප් පවසා ඇත්තේ, එය විශාල පියවරක් වනු ඇති බව සහ චීනයටත් එයම සිදුකරන බවයි.
කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මෝදි ට්‍රම්ප්ට එවැනි පොරොන්දුවක් ලබා දී ඇති ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
ඉන්දියාවට අමෙරිකාවෙන් ඉහළ තීරුබදු පැනවීමට හේතුවූයේ ද ඔවුන් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමයි.
මේ වනවිට රුසියානු බොරතෙල්වල ප්රමුඛ ගැනුම්කරු ඉන්දියාව වේ.
එහෙත් යුක්රේනයට පක්ෂපාතී අමෙරිකාව ප්රමුඛ අනෙකුත් පාර්ශවයන් චෝදනා කරන්නේ, රුසියාවෙන් තෙල් මිලදීගැනීම යුක්රේන යුද්ධය සඳහා අරමුදල් සැපයීමක් බවයි.
වර්තමානයේ ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ලෙස නැගීසිටින ඉන්දියාවට කාර්මික ක්ෂේත්රයෙන් ඉදිරියට පැමිණීම සඳහා රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලදී ගැනීම ප්‍රබල හේතුවක් වී ඇතැයි අන්තර්ජාතික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart