
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන හා ආර්ථික වශයෙන් වගවීමේ නව යුගයකට පියවර තබමින් සිටියි. ජනාධිපතිධුරයට පත් වී වසරක් ගත වෙද්දී ඔහුගේ පාලන දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම වගවීම, විනිවිදභාවය සහ ප්‍රතිඵල මත පදනම් වී ඇති අතර, එමගින් රටේ ආර්ථික ස්ථාවරත්වයත් මහජන විශ්වාසයත් නැවත ගොඩනගා ගැනීමට සමත් වී ඇත.
විශ්වසනීයත්වය මත ගොඩනැගුණු ආර්ථික ස්ථාවරත්වය
අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිධුරය භාර ගත් මුල් දිනයේ සිටම අවධානය යොමුකළේ මූල්‍ය විනය, විනිවිද තීරණ සහ වගකිවයුතු පාලනය යන මූලධර්ම තුනක් මතය. නව රජය එම මූලධර්ම පදනම් කරගෙන රටේ ආර්ථික පද්ධතිය ශක්තිමත් කිරීමටත්, දිගුකාලීන ප්‍රගතියට මග පෑදීමටත් අවශ්‍ය පදනම සකස් කළ බව කිවහොත් නිවැරදිය.
මෙම පියවර ශ්‍රී ලංකාව තුළ තම මූල්‍ය කටයුතු විචක්ෂණශීලීව කළමනාකරණය කිරීමට සහ වර්ධනය පවත්වා ගෙන යාමට ඇති හැකියාව පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය ශක්තිමත් කිරීමට උපකාරී විය.ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතන නිරන්තරයෙන් අවධාරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිගුකාලීනව ස්ථාවරව පවත්වා ගැනීමේ යතුර වන්නේ ශක්තිමත් ආයතනික ප්‍රතිසංස්කරණ සහ විශ්වාසය පදනම් වූ පාලනය බවයි. එය හඳුනාගනිමින්, රජයේ වියදම් හා ආදායම් කළමනාකරණය සම්බන්ධව විනිවිදභාවය වැඩිදියුණු කිරීමටද, සෑම රුපියලක්ම ජනතාවට ප්රතිලාභ වන ආකාරයෙන් යෙදවීමටද ජනාධිපතිවරයා ගේ අවධානය යොමු වී ඇත.
ප්‍රකෘතිමත් වීමේ පදනම – සෘජු විදේශ ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ සංවර්ධනය
රටේ ආර්ථිකය යථා තත්ත්වයට නැංවීමේ මග විවෘත වන්නේ විදේශ සෘජු ආයෝජන (FDI) වැඩි කිරීම, සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කිරීමෙනි. විදේශ ආයෝජන මඟින් රටට ගෙන එන්නේ පූර්වධනය පමණක් නොව, තාක්ෂණික දැනුමත් ගෝලීය සබඳතාත්ය. ඒ හා සමගාමීව සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයාගැනීමේ හා කුඩා ව්‍යාපාර ප්‍රවර්ධනයේ මූලික බලකාය බවට පත්වනු ඇත.
ඒ අනුව රටේ තරඟකාරීත්වය උසස් කිරීමත්, ආර්ථික බාධක ඉවත් කිරීමත් ඉලක්ක කරමින් මේ වන විට රජයේ දැඩි අවධානය යොමුකර ඇත්තේ වරාය, ගුවන් සේවා සහ ප්‍රවාහන අංශවල විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවය.
කැබිනට් සංශෝධනය: බිමල්ගේ විෂය ක්ෂේත්‍ර යේ වෙනස සහ කරුණාතිලකගේ ආගමනය
නැවතී තිබූ රට දැන් ගමන් අරඹා ඇත. වසරක් ගෙවී ගිය පසු ඒ ගමනට වේගවත් කිරීමට අවශ්‍ය නව ජවය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය. ඒ අනුව මෑතදී සිදු වූ කැබිනට් සංශෝධනය හරහා අඛණ්ඩ ප්‍රතිඵල මත පදනම් වූ පාලනයක් රටට අවශ්‍ය බව ජනාධිපතිවරයා පණිවිඩයක්ද ලබාදුන්නේය
එහිදී අනුර කරුණාතිලක මහතා නව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ අතර, බිමල් රත්නායක මහතා ප්‍රවාහන හා මහාමාර්ග අධීක්ෂණය සඳහා යළි පත් කරනු ලැබීය. ජනාධිපතිවරයාගේ මෙම පියවර බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. බලාපොරොත්තු වන ප්‍රතිඵල නොපෙන්වන්නේ නම් අවශ්‍ය වෙනස්කම් කිරීමට කිසිසේත්ම පසුබට නොවන බව ජනාධිපතිවරයා මෙම කැබිනට් සංශෝධනයේදී පෙන්වාදුන්නේය. කෙටියෙන් කියතහොත් රජයේ වගකිව යුතු ධුරයත් තබා ගැනීම සම්මානයක් නොව අනිවාර්ය වගවීමක් බව ඔහු මෙමගින් පෙන්වා දී තිබේ.
කාර්යසාධන ගැටළු සහ ව්‍යාපෘති ප්‍රමාදය
අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අමාත්‍යාංශය තුළ නිරන්තරයෙන් මතුවූ ව්‍යාපෘති ප්‍රමාදයන් සහ පරිපාලන ගැටළු මේ වෙනස් කිරීම්වලට ප්‍රධාන හේතු විය. විශේෂයෙන් බණ්ඩාරනායක හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘති මන්දගාමී වීම සංචාරක හා ආයෝජන අංශවල විශ්වාසය අඩු වීමට හේතු වූ බව ඊට අදාළ පාර්ශ්වයන් දිගින් දිගට පෙන්වාදුන් කාරණයකි.
එසේම, අමාත්‍යවරයා හා රජයේ නිලධාරීන් අතර වන ගැටළුකාරී සබඳතා සහ අවිශ්වාසය හේතුවෙන් වන බහාලුම් හැසිරවීම සහ පරිපාලන ගැටළු මෙම මන්දගාමීත්වයට සෘජුවම බලපා ඇති බවටද වාර්තා වේ.අමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සබඳතා පළුදු වී ඇති බවට දිගින් දිගටම වාර්තා වන්නේ මේ පසුබිම තුළය. පසුගිය වසර තුළ, නම්‍යශීලි සබඳතා පවත්වා ගැනීමට නොහැකි වූ ඔහුගේ විෂය පථය යටතේ ඇති ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වූ බවද වාර්තා විය. සාමාන්‍යෙයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන නිරීක්ෂකයන් බිමල් රත්නායකගේ ගැටුම්කාරී විලාසය මීට පෙර දුටුවේ ශක්තියක් දක්ෂතාවයක් ලෙසය. නමුත් ඔහුගේ ආක්‍රමණශීලී ප්‍රවේශය, තීරණ ගැනීම මන්දගාමී කිරීමට සහ රජයේ සංවර්ධන න්‍යාය පත්‍රයට බාධා කිරීමට පටන් ගත් බව අවසානයේ ඔවුන්ම ගෙනහැර දක්වන්නට විය. කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම බලවත් තීරණය, රජයේ කාර්ය සාධනයට අහිතකර බලපෑම් කරන ඕනෑම බාධාවක් ඉවත් කිරීමට පසුබට නොවන බවට වන සංඥාවකි.
ප්‍රගතිය වෙනුවෙන් නිවැරදි කිරීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කැබිනට් සංශෝධනය උපායමාර්ගික හා කාලෝචිත තීරණයක් ලෙස රජය තුළත් ජනතාව තුළත් කතාබහට ලක් වී තිබේ. ඔහුගේ නායකත්වය විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව මත ගොඩනැඟී ඇති අතර, ඔහු විසින් රජයේ සෑම අංශයකම ඉලක්කය “ජනතාවට ප්‍රතිඵල ලබාදීම” පමණක්ම බවට පත්කර ඇත. තවදුරටත් පවසන්නේ නම් කිසිදු අමාත්‍යාංශයක් ජාතික සංවර්ධනයට බාධාවක් නොවන බව සහතික කිරීමට ඇති ඔහුගේ කැපවීම මේ තීන්දු තීරණ තුළින් අවධාරණය කරයි.
ඒ අනුව සිදු වූ මෙම සංශෝධනයෙන් පෙන්වාදෙන්නේ, අනුර කුමාර දිසානයක නම් ජනාධිපතිවරයාගේ රජය දුර්වල කාර්යසාධනය සහ අසාර්ථක ප්‍රතිපත්ති නොඉවසන බවයි. එය වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, ආර්ථික සංවර්ධනය වැනි අත්‍යාවශ්‍ය ක්ෂේත්රයන්හි ප්‍රගතිය උදෙසා මාර්ගය නිවැරදි කිරීමක් ලෙසද දැක්විය හැකිය.
ශ්‍රී ලංකාව නොනැවතී ඉදිරියට
ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය ආයෝජකයින් සහ ජාත්‍යන්තරයේ විශ්වාසය යළි ගොඩ නැඟෙමින් තිබෙන්නේ දීර්ඝ කාලයකින් පසුය. එසේම රටේ ආර්ථිකය පමණක් නොව, ජනතාවගේ විශ්වාසයද යළි ගොඩ නැගීම ආරම්භ වී ඇත. එනම් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ රට තුළ මෙන්ම ඉන් පිටතද ශුභවාදී හැඟීමක් නැවත ඇතිවෙමින් පවතී. මෙහිදී විශේෂයෙන් නවතම කැබිනට් සංශෝධන මගින් රජයේ සෑම අංශයක්ම ස්ථාවර, නවීන සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක කර ගැනීමට සහතික බව ලෙස ජාතික අවශ්‍යතා වෙනුවෙන් තීරණාත්මකව ක්‍රියා කිරීමට තමා තුළ ඇති සූදානම ජනාධිපතිවරයා පෙන්නුම් කරන බව පැහැදිලිය.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ ප්‍රකෘතිය යනු සංඛ්‍යා හෝ ප්‍රතිපත්ති නොව, ජනතාව, වගවීම සහ ප්‍රගතිය ගැන බවයි. වත්මන් ගම්‍යතාවය අඛණ්ඩව පැවතුනහොත්, කලාපය තුළ ගතික සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ලෙස නිසි ස්ථානය නැවත ලබා ගැනීමට හැකි බවට වන ඔහුගේ අරමුණ කරා මේ වන විට ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart