
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිළිනොච්චියේ තට්ටුවන්කොට්ටි ප්රදේශයේ පාළු නිවසක සිදු වූ බෝම්බ පිපිරීමකින් බරපතළ ලෙස තුවාල ලබා සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු 12 දා රාත්රී කිළිනොච්චිය රෝහලේදී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ කොඩිකාමම් ප්රදේශයේ 50 හැවිරිදි සෝමසුන්දරම් කේතීස්වරන් නමැති අයෙකි.
මියගිය අය හා තවත් අයකු 2025- 09 – 28 වැනිදා දහවල් පාළු නිවසකින් පස් රැගෙන ඒම පිණිස ගොස් වළක් හාරමින් සිටියදී පොලොව යට වළදමා තිබූ බෝම්බයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.
බරපතළ ලෙස තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසුව ආරක්ෂක අංශ විසින් පාළු නිවස හා ඒ අවට ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී තවත් බෝම්බ හතරක් සොයාගැනීමට සමත්වූහ.
එම බෝම්බ යුද සමයේදී කවර හෝ පාර්ශ්වයක් විසින් එම ස්ථානයේ වළදමන්නට ඇති බවට තොරතුරු හෙළි වූ අතර එම බෝම්බ අධිකරණ නියෝගයක් මත පසුව පුපුරවා හැර තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart