
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගැබිණි මව්වරුන් අතර සම රතුවී දහඩිය බිබිලි මෙන් කුඩා බිබිලි මතුවී සම කැසීමේ තත්ත්වයක් පවතින්නේ නම් වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුව ප්‍රතිකාර ලබා ගන්නැයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කරයි.
ටිනියා රෝගයට ගොදුරුවන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින්, ගැබිණි මව්වරුන්ද රෝගයට ගොදුරුවන පිරිස අතර සැලකිය යුතු මට්ටමකින් සිටින බැවිත්, කිහිලි, ඉකිලි ආදී ප්‍රදේශයන් ඇතුළු සිරුරම තදබල ලෙස කැසීමට ලක්වන්නේ නම් හිතුමතේට ආලේපන භාවිත නොකරන්නැයි ද එයින් රෝගය උත්සන වනු ඇති බව ද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා සඳහන් කරයි.
ගැබිණි මව්වරුන්ට බොහෝවිට මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධ නොදෙන නමුත් ටීනියා තත්ත්වය උත්සන්න වූ විට දැන් දැන් මුඛයෙන් ලබාදෙන ඖෂධ පවා නිර්දේශ කිරීමට සමේ රෝග විශේෂඥයන්ට සිදුව ඇති බව ද ඇය පවසයි.
මෙම රෝගය කුස තුළ සිටින දරුවාට බලපැම් ඇති කරනුයේ දරුවා ඉපදුණු පසුව බැවින් ගැබිණි කාලයේ දී නිසි ප්‍රතිකාරයන් ලබාගෙන රෝගය නිට්ටාව සුවකර ගන්නැයි ඇය ඉල්ලා සිටී.
ටීනියා රෝගය නිසි වෛද්‍ය උපෙදස් ලබානොගෙන හිතුමතේට ආලේපනයන් භාවිත කිරීම හේතුවෙන් මේ වන විට රෝගය උත්සන වී ඇති බවත්, ජාතික රෝහලේ සමේ රෝග සායනයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20ක් පමණම ටීනියා රෝගයට ගොදුරු වූවන් බව ඇය පවසා අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart