
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු යතුරුපැදි ධාවන ශූරයකු කළුතර පළාතොට ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයේදී ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් එම පුද්ගලයා යැයි සිතා වෙනත් පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි.
එම අවස්ථාවේ දී වෙඩික්කරුවන් ඉලක්ක කළ පුද්ගලයාට හෝ එම ස්ථානයේ සිටි වෙනත් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව පොලීසිය කීය.
එම වෙඩි ප්‍රහාරය එල්ල කළද ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යථා තත්ත්වයට පත්වීමේ දී එම ස්ථානයේ ජීවඋණ්ඩ දෙකක් වැටී ඇති අතර වෙඩික්කරු ඉදිරියට දිවගොස් නැවත පැමිණ වහලයට සහ බිත්තියට වෙඩි ප්‍රහාර එල්ල කර කරා පළාගොස් තිබූ බව පොලීසිය කියයි. එම ප්‍රහාරවලින් එම ස්ථානය වැටී තිබූ හිස්පතරොම් කොපු තුනක්ද පොලිස් භාරයට ගෙන ඇත.
හිටපු යතුරුපැදි ධාවන ශූරයා ඊට විනාඩි දෙක තුනකට පමණ ඉහත දී දරුවා අමතර පන්තියෙන් රැගෙන ඒම සඳහා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයෙන් පිටතට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලීසිය කියයි. යතුරුපැදියකින් කළුතර දෙස සිට පැමිණි දෙදෙනකු ශ්‍රියන්ත කියන්නේ ඔයාද යනුවෙන් එහි සිටි සේවකයකුගෙන් විමසා ඇති අතර ශ්‍රියන්ත අයියා එළියට ගියා යනුවෙන් පවසනවාත් සමඟම වෙඩි ප්‍රහාරය එල්ල කර, ඔවුන් ඒ දෙසටම පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
වසර කිහිපයක සිට පොලීසියට වසන්ව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළුතර නවීන් නමැත්තා විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇතැයි පොලීසිය කියයි.
සංවිධානාත්මක අපරාධකරු විසින් එදින රාත්‍රී අටට පමණ හිටපු යතුරුපැදි ධාවන ශූරයාගේ ජංගම දුරකතනයට තර්ජනාත්මක වට්සැප් පණිවිඩයක් ද ඒවා ඇති අතර අනිත් සැරේ බිත්තිවලටයි, වහලටයි වෙඩි තියන්නේ නෑ. උඹලා දෙන්නම සූදානම් වෙයන් යනුවෙන් තර්ජනාත්මක පණිවිඩයක් ඒවා ඇති බව ද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
එම සංවිධානාත්මක අපරාධකරු විසින් හිටපු යතුරුපැදි ධාවන ශූරයාගේ පියාගෙන් රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් ඉල්ලා නොදීම හේතුවෙන් මීට පෙරද අවස්ථා කිහිපයකදී මරණීය තර්ජනය කර තිබූ අතර ඒ හේතුව මත කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ ඔහුගේ නිෙවසට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම කප්පම් මුදල් නොදීමේ හේතුව මත වරින්වර නවීන් නමැත්තාගෙන් පිය පුතු දෙදෙනාටම තර්ජනාත්මක ඇමතුම් සහ වට්සැප් මාර්ගයෙන් විවිධ ඡායාරූප ද එවා තිබූ බව පොලීසිය කියයි.
හිටපු යතුරුපැදි ධාවන ශූරයාගේ පියා ඉකුත් රජයේ ප්‍රබල තනතුරක් දැරූ අමාත්‍යවරයකුට අධිකරණයෙන් නියම කළ කෝටි ගණනාවක ඇපයකට අත්සන් කළ පුද්ගලයාද බව පොලීසිය කියයි.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකළ අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැඳවා තිබුණි. කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart