October 12, 2025

2026 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට තේරීම් කමිටුව බලාපොරොත්තු වන බැවින්, ලබන මාසයේ පැවැත්වෙන් පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතයට පිතිකරු භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා නම් කර ඇත.

නොවැම්බර් 11 වැනිදා ආරම්භ වන මෙම සංචාරයට තරඟ තුනකින් යුත් එක්දින තරගාවලියක් සහ සත්කාරක පාකිස්ස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සහභාගී වන T20 ත්‍රිත්ව තරගාවලියක් ඇතුළත් වේ.

T20 තරගාවලි සඳහා ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ක්‍රීඩකයන් දෙදෙනාම ඇතුළත් කර ඇති බව ප්‍රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග තහවුරු කළේය.

“ඔවුන් දෙදෙනාම ඇතුළත්. ලෝක කුසලානය සඳහා අපට 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තිබෙනවා. එතැන් සිට අපි කණ්ඩායම තෝරා ගත යුතුයි. රාජපක්ෂ සහ ද සිල්වා යන දෙදෙනාම ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුවීම් කරමින් සිටින්නේ. හොඳ ශාරීරික යෝග්‍යතාවකින් ඔවුන් ඉන්නවා,” තරංග පැවසීය.

ආක්‍රමණශීලී මැද පෙළ පිතිකරණය සඳහා ප්‍රසිද්ධ රාජපක්ෂ සහ තාක්ෂණික ස්ථාවරත්වය සහ පිට දඟ පන්දු විකල්ප සපයන ද සිල්වා, ශ්‍රී ලංකාවේ 2022 ආසියානු කුසලානය දිනාගත් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෝ වූහ.

මෑත කාලීන තරඟාවලිවලදී කණ්ඩායම ස්ථාවරත්වය සඳහා අරගල කිරීමෙන් පසුව ඔවුන්ගේ පැමිණීම සංචිතයට අත්දැකීම් සහ සමබරතාවක් එක් කරයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයත් සමඟ, උපමහාද්වීපික තත්ත්වයන් තුළ ඵලදායී ලෙස දායක වීමට ඔහුගේ හැකියාව උපයෝගී කර ගනිමින්, ධනංජය ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස භාවිත කිරීමට තේරීම් කමිටුව සැලසුම් කරයි.

ඔහුගේ T20 වාර්තාව – 21.17ක පිතිකරණ සාමාන්‍යයක් සහ 20.43ක පන්දු යැවීමේ සාමාන්‍යයක් සටහන් කරන බැවින් ඔහුගේ තුන් ඉරියව් වටිනාකම ඉස්මතු කරයි.

නැගී එන ක්‍රීඩකයන් වන එෂාන් මාලිංග, විෂේන් හැළඹගේ සහ දුෂාන් හේමන්ත ද මෑත කාලීන ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මූලික කණ්ඩායමට අමතරව සාමාජිකයන් 22 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ඇතුළත් කර සිටියහ.

ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණු සැසි සහ යෝග්‍යතා තක්සේරු කිරීම්වලින් පසුව, මෙම මස අගදී අවසන් සංචාරක සංචිතය ප්‍රකාශයට පත්කෙරේ.