
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සතොස ලෙස කෙටියෙන් හැඳින්වෙන සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ලංකා සතොස සිල්ලර වෙළෙඳ ජාලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් නොව, ආයතන දෙක ඒකාබද්ධ කිරීමක් බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.
සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අරමුණ වන්නේ, බැරකම් අඩු කර වත්කම් වැඩි කිරීමෙන් පසු සතොස සහ ලංකා සතොස ඉදිරියට ගෙනඒම බව ඔහු සඳහන් කරයි.
සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ලංකා සතොසට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, එහි ප්‍රතිඵලය මහජනතාවට, ආයතනයට මෙන්ම සේවකයන්ටද යහපතක් මිස අයහපතක් නොවන බවත්, ඔහු පවසයි.
සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා මෙහෙයුම් අධීක්ෂණ කමිටුවක් පත්කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මේ සතියේ ඇමැති මණ්ඩලය අනුමත කර ඇත.
සතොස පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බවත්, එම රාජ්‍ය ආයතනය මෙරට ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදී නොමැති බවත්, කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
සතොස සහ ලංකා සතොස යනු වෙනම ආයතන දෙකක් වන අතර, දෙවැන්න 2005 තරම් මෑතක දී පිහිටුවන ලද බව සතොස සභාපතිවරයා පෙන්වාදෙයි.
රටට ඵලදායී ප්‍ආකාරයෙන් ආයතනවල වත්කම් හා බැරකම් පිළිබඳ නිසි තක්සේරුවකින් අනතුරුව, ආයතන දෙක සම්බන්ධ කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු සඳහන් කරයි.
සීමාසහිත ලංකා සතොස අලෙවිසැල් 420ක සේවය කරන සේවක සංඛ්‍යාව 4500කට අධිකය.
භාණ්ඩාගාර දත්ත වලට අනුව ලංකා සතොසට 2018 දී රුපියල් බිලියන 2.25ක්, 2019 දී මිලියන 2,882ක් සහ 2020 මුල් මාස හතර තුළ මිලියන 197ක් අහිමි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart