
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය හා අපහාසාත්මක සටහන් සංසරණය වීම සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ, අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික, පවුලේ සහ වෘත්තීය කීර්තිනාමයට මෙන්ම ඔහුගේ දේශපාලන චරිතයට හානිකරන ව්‍යාජ කථා, සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන අන්තර්ගතයන් විවිධ පුද්ගලයන් විසින් ප්‍රකාශයට පත්කරමින් සිටින බවයි.
යොමු අංක 20039516 යටතේ ගොනුකර ඇති පැමිණිල්ලේ, අදාළ පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය පිටු විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යංශය CID යෙන් ඉල්ලා සිටී.
පැමිණිල්ලේ නම්කර ඇති අය අතර නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, කේ.ඩබ්ලිව්. පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජස්සේ, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසික විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා සහ ‘ගම්පහ පොදුජන හඳ’ ෆේස්බුක් පිටුව ඇතුළත් වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart