
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ තවත් හිටපු නිලධාරීන් දෙදෙනෙකු ඔවුන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
2021 අගෝස්තු මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක්කරමින් ශානි අබේසේකර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනකු වන සුගත් මෙන්ඩිස් සහ නවරත්න ප්‍රේමරත්න මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්ෂි නිර්මාණය කරන ලද බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල, පෙත්සම් තුනම ඉදිරියට ගෙන යාමට අවසර දුන් අතර 2026 මැයි 14 වන දින දක්වා නඩුව කල්තැබීය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන, ෂෙහාන් ද සිල්වා සහ හෆීල් ෆාරිස් යන නීතිඥවරු පෙනීසිටියහ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නෙවිල් ද සිල්වා වෙනුවෙන් නීතිඥ සංජීව විජේවික්‍රම පෙනීසිටි අතර රජයේ නීතිඥ සජිත් බණ්ඩාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart