
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ජූනි මස ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිදු හසරංග හිමිව තිබේ.
සිම්බාබ්වේ හි පැවති ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී වනිදු හසරංග පිට පිට තරග තුනකදි කඩුලු 5ක් දවාගැනිම සහ තරගාවලියේ දි දැක්වු දක්ෂතා මෙම සම්මානය හිමිවිමට හේතුවී ඇත.
එම තරගාවලියේ දි ඔහු කඩුලු 22ක් ලබාගනිමින් වැඩිම කඩුලුලාභියා බවට පත්විය.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව සුදුසුකම් ලැබිමේ තරගයේ දී ඔහු සිය හොඳම එක්දින පන්දුයැවිම වාර්තා කළේ ලකුණු 24ට කඩුලු 6ක් දවාගනිමිනි.
සිම්බාබ්වේ කණ්ඩායමේ ෂොන් විලියමිස් සහ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ජුනිමස ICC ක්‍රීඩක නිර්දේශයට තේරීපත්වු අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart