
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Facebook සහ Instagram පරිශීලකයන්ට ඔවුන්ගේ ක්රියාකාරකම් සහ රුචිකත්වයන් නිරීක්ෂණය කරන ඇල්ගොරිතම මගින් හැඩගැසීමට වඩා කාලානුක්රමික අනුපිළිවෙලට සටහන් පෙන්වන කාලරාමුවක් (timeline) තෝරාගැනීමට පහසු ක්රමයක් ලබාදෙන ලෙස නෙදර්ලන්ත අධිකරණයක් Meta සමාගමට නියෝග කර තිබේ.
ඇම්ස්ටර්ඩෑම් දිස්ත්රික් අධිකරණය මෙම මූලික වාරණ නියෝගය නිකුත් කළ අතර, වේදිකා දෙකෙහිම අංග යුරෝපීය සංගමයේ ඩිජිටල් සේවා පනත උල්ලංඝනය කර ඇති බව ද අධිකරණය තීන්දු කර තිබේ.
පැතිකඩ නොකළ කාලරාමුවක් (non-profiled timeline) තෝරා ගැනීමට ‘සෘජු සහ සරල’ විකල්පයක්, එනම් අනෙකුත් පරිශීලකයන් විසින් ඉදිරිපත් කරන ලද පළකිරීම් සහ මාධ්ය කොටස් ප්රදර්ශනය කරන අනුපිළිවෙලක් ලබාදීමට සමාගමට සති දෙකක කාලයක් ලබා දී තිබේ.
යෙදුමක් හෝ වෙබ් අඩවියක් වසා දැමුවත්, හෝ පරිශීලකයා වෙනත් අංශ වෙත සංචාලනය කළත්, මෙම තේරීම ක්රියාත්මක වන බව සමාගමේ වේදිකා සහතික කළ යුතුය.
වර්තමානයේ, වේදිකාව නැවත විවෘත කරන සෑම අවස්ථාවකම පරිශීලකයා විසින් තෝරාගත් සැකසුම් ස්වයංක්රීයව කාලානුක්රමික අනුපිළිවෙලින් ඇල්ගොරිතම මත පදනම් වූ පැතිකඩ නිර්දේශ පද්ධතියකට ප්රතිවර්තනය වේ.
නෙදර්ලන්ත අධිකරණය තීන්දු කර ඇත්තේ මෙම පිළිවෙත තහනම් අඳුරු රටාවක් ‘dark pattern” බව සහ එය තොරතුරු නිදහසට හානිකරන බවයි.
ඔක්තෝබර් 29 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙම ආරක්ෂණ විශේෂයෙන් වැදගත් බව ද අධිකරණ නියෝගයේ සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart